Gossips

අදත් පළාත් රැසකට ගිගුරුම් සහිත වැසි මුහුදත් රළුවේ

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා පියුමලී දිසානායක සඳහන් කළේ මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි.
මේ අතර, ඊයේ පස්වරුවේ ඇති වූ අධික වැසි හේතුවෙන් ගාල්ල ප්‍රදේශයේ යටව පැවති පහත් බිම්වල ජලය මේ වනවිට බැසයමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගාල්ල – මොරගොඩ ඇල පිටාර ගැලීම නිසා මොරගොඩ, කහවවත්ත යන ප්‍රදේශ ජලයෙන් යට වූ බවයි.
මීට අමතරව ගාල්ල – බද්දේගම ප්‍රධාන මාර්ගය ද ස්ථාන කිහිපයකින් යට වූයේ මොරගොඩ ඇල පිටාර ගැලීම හේතුවෙනුයි.
එමෙන්ම ගාල්ල – කරාපිටිය ප්‍රධාන මාර්ගය ද බෙලිගහ සහ ගලගෙඩිය යන ප්‍රදේශවලින් ඊයේ ජලයෙන් යටව පැවතියා.