Gossips

දරුවන්ට මග පෙන්වීම වැඩිහිටියන්ගෙන් ලැබිය යුතුයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අදට යෙදෙන ලෝක ළමා සහ වැඩිහිටි දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ දරුවන් සහ වැඩිහිටියන් සම්බන්ධව අපගේ කාර්යභාරය කුමක්ද යන්න මෙවර එහි තේමාවන්ගෙන් අප දිරිගන්වන බවයි.
තරඟකාරී අධ්‍යාපන රටාවත්, නවීන සන්නිවේදනය සහ තාක්ෂණික දියුණුව ළමා ලොව ආක්‍රමණය කරමින් පවතිනවා.
මත්පැන්, මත්ද්‍රව්‍ය මෙන්ම ළමා අපයෝජන දරුවන්ට එරෙහිව පවතින කාලයක මෙම සියලූ බාධක මැද දිරියෙන් ජීවිතය ගොඩනගා ගන්නට නම් වැඩිහිටියන්ගේ සහයෝගය සහ මග පෙන්වීම දරුවන්ට ලැබිය යුතු බවද අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන්.
එමෙන්ම විවිධ සමාජ ආර්ථික ගැටළු මැද අසමභාවයට පත්වන වියපත් වැඩිහිටියන් රැකබලාගැනීම සඳහා මානුෂිකව මැදිහත්විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේ.