Gossips

සැබෑ වෙනසකට පාගමන ජනපති ප්‍රධානත්වයෙන්

පාසල් පද්ධතිය තුළ දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් "සැබෑ වෙනසකට" මැයෙන් පාගමනක් සංවිධාන කර තිබුණා.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
ළමා හිංසනයට තිත සංවිධානය විසින් සංවිධාන කළ පාගමනේ ආරම්භය අද (30) පස්වරුවේ සිදුවුණේ කොළඹ නිදහස් චතුරස්‍රය අසළින්.
ශ්‍රී ලංකාවේ ශාරිරික දඩුවම් අවසන් කිරීමට සඳහා වූ පංච මහා යෝජනාව සහ අත්සන් 3000 කින් සමන්විත සන්දේශයක්ද ළමා හිංසනයට තිත සංවිධානයේ ඔටාරා ගුණවර්ධන මෙහිදී ජනාධිපතිවරයා වෙත භාරදුන්නා.