බදුල්ල නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලකින් ලක්ෂ අටකට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ සොරකම් කරන ආකාරය වෙළඳසැලේ තිබෙන සී.සී.ටී.වී කැමරාවේ සටහන්ව තිබෙනවා.
කාන්තාවන් දෙදෙනෙක් තවත් කුඩා දරුවෙකු සමඟ පැමිණ මෙම සොරකම සිදුකරන ආකාරය එම සී.සී.ටී.වී. දර්ශණ වල ඇතුළත්.
සී.සී.ටී.වී. දර්ශණ අනුව බදුල්ල පොලිසිය විසින් අදාළ කාන්තාවන් දෙදෙනා සොයා පොලිස් පරීක්ෂණ පවත්වන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.