Gossips

නීතිවිරෝධීව වැලි ජාවාරම් කළ දෙදෙනෙකු කොටුවෙයි

වැල්ලවාය – කිරිඳිඔය රක්ෂිතයේ අනවසර වැලි ජාවාරමක නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද (18) අත්අඩංගුවට ගත් සැකකරුවන් සමඟ නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් සහ ට්‍රැක්ටර් රථයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.
මොවුන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.