Gossips

ගාල්ලේ බැංකුවක් කොල්ල කෑ දෙදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල – අක්මීමන – නියාගම ප්‍රදේශයේ බැංකුවක් කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර – තලාව ප්‍රදේශයේදී ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තලාව – ගෙවල් 100ය ප්‍රදේශයේ මොවුන් සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඊයේ දිනයේයි.
සැකකරුවන් ගාල්ල – වලහන්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.