Gossips

Update – වැලිගම්පිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ කාන්තාව මරුට

ජාඇල – වැලිගම්පිටිය මංසන්ධියේදී අද (30) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර සිටි කාන්තාව මිය ගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 40 හැවිරිදි ජාඇල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
මෝටර් රථයකින් පැමිණි පිිරිසක් තවත් මෝටර් රථයක ගමන් කරමින් සිටි මෙම කාන්තාවට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබූ අතර, සිද්ධියෙන් මිය ගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වන විට රාගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.
Update :- Sunday, September 30, 2018 2.27 pm
—————————————————————-
වැලිගම්පිටියේ වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල
ජාඇළ – වැලිගම්පිටිය මංසන්ධියේදී අද සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිිරිසක් තවත් මෝටර් රථයක ගමන් කරමින් සිටි මෙම කාන්තාවට වෙඩි තබා පලාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් මෙතෙක් හඳුනාගෙන නැහැ.
අදාළ කාන්තාව කඳාන ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවට මේ වනවිට තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.