Gossips

ශ්‍රී ලංකාව ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් තරඟයට

කොරියාවේ පැවැත්වෙන ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලියේ පළඟ ශූරතා අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකාව අද (30) සුදුසුකම් ලැබුවා.
ඒ, මලයාසියාව සමඟ පැවති තරඟය ලකුණු 17 ට 12 ක් ලෙස ජයග්‍රහණය කරමින්.
කෙසේ නමුත් අද පැවති තවත් තරඟයකදී සත්කාරක දකුණු කොරියානු පිල අතින් ශ්‍රී ලංකාව ලකුණු 22 කට 14 ක පරාජයක් ලැබුවා.
ශ්‍රී ලංකාව ඊයේ තරඟාවලිය ආරම්භ කළේ තායිපේ කණ්ඩායම 33 ට 12 ක් ලෙස පරාජයට පත් කරමින්.
එහෙත් හොංකොං සමඟ පැවති තරගයෙන් ශ්‍රී ලංකාවට හිමිවූයේ ලකුණු 31 කට 14 ක පරාජයක්.