Gossips

බංග්ලාදේශ නායකයාගේ තීරණයට රිදෙන්න පිළිතුරක් දෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පොඩි කොල්ලා වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර අවසන් පන්දුවාර 20 තරඟය මේ වන විට පැවැත්වෙනවා.
තරඟයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලක සමඟින් ආරම්භක පිලිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් සිය දෙවන ජාත්‍යන්තර පන්දුවාර 20 අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.
පන්දු 29කදී වාර්තා වූ කුසල් මෙන්ඩිස්ගේ අර්ධ ශතකයට හතරේ පහර 05ක් සහ හයේ පහර 02ක් ඇතුළත්.