Gossips

ජපාන යුද නෞකා දෙකක් ශ්‍රී ලංකාවට

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට අද (30) පැමිණ තිබෙනවා.
එම නෞකා දෙක ලබන මස 04 වන දා දක්වා මෙරට රැදී සිටිනු ඇති.
මෙලෙස පැමිණි එක් නෞකාවක් දිගින් මීටර් 248ක් වන අතර, එය හෙලිකොප්ටර් ප්‍රවාහනය කරන්නක්.
එහි නාවිකයින් 400 දෙනෙකුට ගමන් කළ හැකියි. අනෙක් නෞකාවේ නාවිකයන් 170 දෙනෙකුට ගමන් කළ හැකි අතර, එහි දිග මීටර් 151ක් වනවා.