Gossips

හක්කපටස් ආහාරයට ගෙන තුවාල ලබා සිටි වන අලි පැටවා මිය යයි (ඡායාරූප)

මන්නාරම මඩු පරසන්කුලම්හි පෙරියවලයං කඩ්ඩු ප්‍රදේශයේදී හක්කපටස් ගොදුරකට හසු වී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටි වල් අලියා මිය ගිය බව මන්නාරම් වනජීවි නිලධාරීන් පවසනවා.
පසුගිය 27 වනදා හක්කපටස් ගොදුරට හසු වූ වල් අලියා පිළිබඳ පළමුව 20 වන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන් දැක ඒ බව වනජීවි නිලධාරීන් වෙතට දැනුම් දීමෙන් වනජීවි නිලධාරීන් අදාල ස්ථානයට පැමිණ යුදහමුදා නිලධාරීන් සමග එක්ව ප්‍රතිකාර කිරීම එදින සිටම සිදු කලද දරුණු ලෙසට තුවාල ලබා තිබීම නිසා වල් අලියා බේරා ගැනීමට නොහැකිව තිබෙනවා.
දඩයම්කරුවන් විසින් හක්කපටස් යොදා තිබියදී මෙම වල් අලියා ගොදුරු වී ඇති අතර හක්කපටස් අලියාගේ මුඛය තුලම පුපුරා යාම හේතුවෙන් මුඛයටත් හිසටත් දැඩි හානි සිදුවීම හේතුවෙන් අලියාගේ ජීවිතය බොරා ගැනීමට නොහැකි වූ බවයි වෛද්‍යවරයා පවසා තිබෙන්නේ.
20 වන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා නිලධාරීන්ගේද අඛණ්ඩ සහය මත හක්කපටස්වලට ගොදුරු වූ අලියාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ කටයුතු සිදු කල අතර මිය ගිය වල් අලියාගේ අවසන් කටයුතු ඊයේ (29) දින සිදු කළ බවට මන්නාරම් වනජීවි නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියා.
හක්කපටස් තැබූ පුද්ගලයින් කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරනය වී නොමැති අතර එම පිරිස් සොයාද පරික්ෂණයක් වනජීවි නිලධාරීන් විසින් අරඹා කර තිබෙනවා.

ඡායාරූප – වන්නි රොමේෂ් මදුෂංක