Gossips

කෘත්‍රිම සංසේචනයෙන් සිංහ පැටවුන් බිහි කරයි

කෘත්‍රිම සංසේචනය යොදාගනිමින් නීරෝගී සිංහ පැටවුන් දෙදෙනෙකු බිහිකිරීමට දකුණු අප්‍රිකානු සත්ව විද්‍යාඤයන් සමත්වී තිබෙනවා.
අප්‍රිකානු සිංහ ධේනුවගේ ප්‍රජනන පද්ධතිය පිළිබඳ පර්යේෂණ පවත්වන දකුණු අප්‍රිකානු ප්‍රිටෝරියා සරසවියේ විද්‍යාඥයන් මෙම පිරිමි සහ ගැහැණු සිංහ පැටවුන් දෙදෙනා බිහිකිරීම සඳහා මාස 18 ක ප්‍රයත්නයක නිරතවුණා.
නීරෝගී සිංහයෙකුගේ ශුක්‍රාණු ලබාගෙන සිංහ ධේනුවකගේ හෝමෝන ඉහළ මට්ටමක පවතින අවස්ථාවේ මෙම කෘත්‍රිම සංසේචනය සිදුකර තිබෙනවා.
එය සාර්ථක වීමෙන් මෙලෙස බිහිවී ඇ ඇත්තේ ඒ ආකාරයේ ලොව ප්‍රථම සිංහ පැටවුන් දෙදෙනායි.
මෙම ක්‍රමය මිහිතලයෙන් තුරන්වීමේ අවදානමට මුහුණදෙන අනෙකුත් සත්වයන් සඳහා ද යොදාගත හැකි බවයි එම විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.