Gossips

වැසි තත්වයේ වැඩිවීමක්

පවතින වැසි තත්වයේ වැඩිවීමක් තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
ඒ අනුව අද දිනයේදී මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
මේ අතර, ඊයේ ප්‍රදේශ රැසකට ඇදහැලූනු අධික වැසි හේතුවෙන් නගර කිහිපයක් ජලයෙන් යටව තිබුණා.
මහනුවර – අකුරණ නගරයේ කිලෝමීටරයක පමණ කොටසක් ජලයෙන් යටවුණේ නගරය අසළින් ගමන් කරන ඇළ මාර්ගය උතුරා යාමත් සමඟයි.
වෙළඳසැල් 400 කට ආසන්න ප්‍රමාණයක් සහ නිවාස මෙහිදී ජලයෙන් යටව තිබූ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.
එසේම නාවලපිටිය නගරයද අධික වර්ෂාව සමඟ ජලයෙන් යටවී තිබුණා.
මුහුදු රළ ගොඩබිමට ගලාඒම හේතුවෙන් අම්බලන්ගොඩ – අකුරළ ප්‍රදේශයෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මතුවූ අතර, කළුතර – කැලිඩෝ වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේද එවැනි තත්වයක් දක්නට ලැබුණා.