Gossips

ඉන්දුනීසියානු සුනාමියේදී, අනතුරු ඇඟවීමේ පද්ධතිය අසමත්

පුද්ගලයන් 400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් කරමින් තවත් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනේ ඊයේ ඇතිවූ සුනාමි රළ පහරේදී සුනාමි සංවේදක නිසි අනතුරු ඇඟවීමක් සිදුකිරීමට අපොහොසත් වූ බව වාර්තාවනවා.
ඉන්දුනීසියානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයෙන් අනතුරුව පාලූ වෙරළට සුනාමි රළ පහරක් බලපාන බව සංවේදක මගින් පෙන්නුම් නොකළ බවයි.
කෙසේ නමුත් පාලූ ආසන්නයේ මෙම සංවේදකයක් සවිකර නොමැති අතර, ආසන්නතම සුනාමි සංවේදකයේ සටහන් වී ඇත්තේ භූ කම්පනයෙන් සෙන්ටිමීටර 6 ක පමණ සුළු රළ පහරක් ඇතිවිය හැකි බවයි.
එහෙත් මීටර 6 ක් දක්වා උස සුනාමි රළ පහරක් එහි ඇතිවූ අතර, එය පාලූ නගරය හරහා පැතිර ගියේ දේවස්ථානයක් ඇතුලූ ගොඩනැගිලි රැසක් විනාශ කරමින්.
භූ කම්පනයත් සමඟ ඉන්දුනීසියානු භූ විද්‍යා බලධාරීන් නිකුත් කළ සුනාමි අවදානම විනාඩි 34 ක් ඇතුළත ඉවත් කරගත් අතර, එය ඇතමුන්ගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.
එමෙන්ම සුනාමි රළ පහරට පෙර වෙරළ සංදර්ශනයකට සූදානම් වී සිටි සිය ගණනක් පිරිස අතුරින් කෙතෙක් ඊට බිලිවීද යන්න මෙතෙක් වාර්තාවී නැහැ.
ඒ අනුව ජීවිත හානි සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.