Gossips

සිංහලේ ජාතික සංවිධානයෙන් නාමල් කුමාරට චෝදනාවක්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජාතිවාදී කෝලහල ඇති කිරීම සඳහා කුමන්ත්‍රණ දියත් කළ බවට සිංහලේ ජාතික සංවිධානය චෝදනා කරනවා.
එම සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා මෙම චෝදනාව එල්ල කළේ නාමල් කුමාර මහතා තමන් සම්බන්ධයෙන් ඊයේ කළ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී.
සිංහලේ ජාතික සංවිධානයේ සභාපති ඩෑන් ප්‍රියසාද් මහතා ප්‍රංශයේ සිටින තුෂාර පීරිස් නමැත්තා සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සමග සෘජු සබඳතා පවත්වන බවට නාමල් කුමාර මහතා ඊයේ චෝදනාවක් එල්ල කළා.