Gossips

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 2500 ක් අත්අඩංගුවට

මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 6 ක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 2501 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රී 11 සිට අද අලූයම 5 ක දක්වා මෙම විශේෂ මෙහෙයුම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
මේ අනුව, වරෙන්තුකරුවන් 1714 දෙනෙකු සහ විවිධ අපරාධ සදහා අවශ්‍ය කරන සැකකරුවන් 787 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.