Gossips

ආහාර විෂ වී දඹුල්ලේ ආයතනයක සේවකයින් 7 ක් රෝහලේ

දඹුල්ල – පන්නම්පිටිය ප්‍රදේශයේ කුළුබඩු නිෂ්පාදනය කරන ආයතනයක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.
එහි සේවය කළ කාන්තාවන් 7 දෙනෙකු පමණ අද උදෑසන ලබා ගත් ආහාරය විෂවීම හේතුවෙන්, මෙලෙස රෝගාතුරව ලෙනදොර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
රෝහලේ, ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.