Gossips

ඉලක්ක දෙකක් මඟ හැරි බව අයි.එම්.එෆ්. කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව මේ වසරේ ජුනි මාසයේදී අත් කර ගැනීමට සැලසුම් කළ ඉලක්ක දෙකක් මඟ හැරී තිබෙනවා.
මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විශේෂයෙන් විදේශ සංචිත එක්රැස් කිරීමේ ඉලක්ක සහ බදු ආදායම් ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවයි.
කෙසේ නමුත්, ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා රජය දරණ ප්‍රයත්නය මූල්‍ය අරමුදලේ පැසසුමට ලක්වුණා.
එහෙත් දේශීය සහ බාහිර නව වාතාවරණයන්ට අනුකූලව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් සහ වේගවත් කළ යුතු බවයි මූල්‍ය අරමුදල අවධාරණය කළේ.