Gossips

ගලහ රෝහලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

ගලහ රෝහලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතර, කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය මස 28 වන දා ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු අවුරුදු එක හමාරක් පමණ වයසැති කුඩා පිරිමි දරුවෙකු මිය යාමේ සිද්ධියත් සමඟ එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
පසුව එම තත්ත්වය පාලනය කිරීමට රෝහල තාවකාලිකව වසා දැමීමටයි බලධාරීන් කටයුතු කළේ.
මෙම සිද්ධියට අදාළව පොදු දේපලවලට හානි සිදුකිරීමේ චෝදනාව යටතේ මීට පෙර සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.