Gossips

වන අලි ප්‍රහාරයකින් මියගිය වැලිකන්දේ කාන්තාව (ඡායාරූප)

වන අලි ප්‍රහාරයකින් පොළොන්නරුව, වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේදී කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද (29) අලුයම සිදුවූ මෙම ඛේදවාචකයෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි චන්ද්‍රාවතී නමැති දෙදරු මවක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
ඇය නිවස තුල සිටියදී මිදුලේ යම් කිසි ශබ්දයක් ඇසී ඇති අතර ඒ පිළිබඳව සොයා බැලීමට මිදුලට පැමිණි අවස්ථාවේ මෙම කාන්තාවට වන අලියා පහර දී තිබෙනවා.
මියගිය කාන්තාවගේ මෘත දේහය වැලිකන්ද රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිකන්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.


ඡායාරූප – පොළොන්නරුව, රොෂාන් තුෂාර