පෞද්ගලික අංශයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට නව නීති සම්පාදනය කරමින් සිටිනවා.
එහි අධ්යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ අල්ලස් කොමිසම් සභා නීතිය, වත්කම් බැරකම් නීතිය සහ ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා පනත සංශෝධනය කිරීම සඳහා ඊට අදාළ නව නීති කෙටුම්පත් සකස් කරමින් සිටින බවයි.
අදාළ සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය දා හිමි වුණා.
මේ වන විට ජනාධිපති පරීක්ෂණ කොමිසම් සභා පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවසන්.
වත්කම් බැරකම් සම්බන්ධයෙන් වන නව නීති ද කෙටුම්පත් කර අදහස් හා යෝජනා ලබා ගැනීමට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
පවතින අල්ලස් නීතිය යටතේ පෞද්ගලික අංශයේ අල්ලස් ලබා ගැනීම්, තරඟ පාවාදීම්, විදේශිකයෙකු මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශ සමඟ සිදුකරන අල්ලස් ලබා ගැනීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නැහැ.
ඒ අනුව ඊට අදාළ නව නීති සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යක්ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න කියා සිටියේ.
මේ අතර, ඉදිරි වසර 5 සඳහා ජාතික ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සකස් කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.