Gossips

විදුලි ඉල්ලුමට නව බලාගාර 3ක්

පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නව විදුලි බලාගාර 3ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ ඒ යටතේ මෙගාවොට් 300ක ධාරිතාවකින් යුත් විදුලි බලාගාර දෙකක් කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.