Gossips

නව ළමාරක්ෂක ප්‍රතිපත්තිය කැබිනට්ටුවට

නව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට අනුමැතිය ලබා ගැනීම සඳහා එය ලබන මාසයේදී අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ජාතික ප්‍රතිපත්තිය යටතේ දරුවන් මුහුණදෙන ගැටළු රැසකට ක්ෂණික විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවයි.
දරුවන් සම්බන්ධයෙන් යල් පැන ගිය නීති සංශෝධනයට ලක් කිරීමට සහ අධිකරණවල විභාග වෙමින් පවතින නඩු ප්‍රමාදය වළක්වා ගැනීමේ පියවරක් වශයෙන් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය හේතුවෙන් දරුවන් මුහුණපාන ගැටළු හා ඊට කඩිනම් විසදුම් ලබාදීම මෙන්ම දරුවන් මෙහෙකාර සේවයට යොදා ගැනීම වැලැක්වීම සම්බන්ධයෙන් කටයුතු කිරීම මෙම නව ප්‍රතිපත්තියේ අරමුණක්.