දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) පස්වරුවේත් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරුමැද, මධ්‍යම, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වල ස්ථාන රැසකටම මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම දිවයිනට බස්නාහිර සහ නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 70, 80 පමණ තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කඳුකර ප්‍රදේශවල සිටින ජනතාව නාය යාම් පිළිබද අවධානයෙන් සිටිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.