Gossips

රංගන ශිල්පී තිලක් ජයවීරට පිහි ප්‍රහාරයක්

ජනප්‍රිය රංගන ශිල්පී තිලක් ජයවීර පිහි ඇනුමකට ලක්ව රෝහල්ගතකර තිබෙනවා.
ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුගේගොඩ හතේ කණුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළදීයි.
අලුයම් කාලයේ පැමිණි පිරිසක් විසින් මෙලෙස ඔහුට පිහියකින් ඇන පලාගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
තුවාල ලැබූ ඒ මහතා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සැත්කමට ලක්කර තිබෙනවා.
ඔහුගේ උදරය ආශ්‍රිත ප්‍රදේශයට පිහි ප්‍රහාර 3 ක්‌ එල්ල වී ඇති බව සඳහන්.
ඔහු මේ වනවිට 58 හැවිරිදි වියේ පසුවනවා.
පලාගිය සැකකරුවන් සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මිරිහාන පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.