Gossips

ෆේස්බුක් ගිණුම් මිලියන 90කට අවදානමක්

ආරක්ෂාව පිළිබඳ දෝෂසහිත තත්ත්වයක් හේතුවෙන් සිය ආදායක ගිණුම් මිලියන 50ක් අවදානමකට ලක්ව ඇති බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා.
මේ නිසා අදාළ ගිණුම්වල තොරතුරු නිරාවරණයවීමේ අවදානමක් පැවතුණ ද එම දෝෂය නිවැරදි කිරීමට හැකි වූ බවයි එමගින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
තවත් ගිණුම් මිලියන 40කට එම අවදානම ඇති විය හැකි බව එමගින් වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව අදාළ ගිණුම් සියල්ලට නැවතත් අලුතින් ඇතුළුවීම අව්‍යශතාවක් බව ෆේස්බුක් ආයතනය කියා සිටියා.
බිලියන 2 ඉක්ම වූ සක්‍රිය ගාහකයන් සිටින ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් ආයතනයේ කොටස් අගය ද මෙම සිද්ධිය නිසා ඊයේ දිනයේදී සියයට 3කින් පහත වැටී තිබෙනවා.