Gossips

ඇල්පිටියේ ඝාතනය වෙඩි තැබීමක්

ඇල්පිටිය – කරන්දෙනිය – අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයා වෙඩි වැදීමෙන් ලද තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.
එය ඇල්පිටිය රෝහලේදී සිදුකළ අතර, මිය ගිය පුද්ගලයාගේ කනට වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බවයි එහිදී වැඩිදුරටත් අනාවරණ වුණේ.
පොලීසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා රාත්‍රීයේ සොයා ගනු ලැබුවා.
මිය ගොස් තිබුණේ කුලී රැකියාවේ නිරත 42 හැවිරිදි පුද්ගලයෙක්.
එසේම සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් කර සිටි අයෙකු ද වනවා.
සිද්ධිය සම්බන්ධ සැකකරුවන් පිළිබදව මේ වන විටත් තොරතුරු ලැබී ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ඇල්පිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.