Gossips

මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් අවශ්‍යයි – ජනපති ඇමරිකාවේදී කියයි

මධ්‍යසාර සහ එහි නිෂ්පාදන කටයුතු පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ඇති කිරීම පිළිබදව අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුවට සමගාමීව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධාන කරන ලද මත්ද්‍රව්‍ය, බෝ නොවන රෝග සහ තිරසර සංවර්ධනය පිළිබද සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
මධ්‍යසාර ප්‍රචාරක දැන්වීම තහනම් කිරීම යනාදිය මේ වන විට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බව ද ජනාධිපතිවරයා එහිදී සදහන් කර තිබෙනවා.
සමාජ ජාල මගින් මද්‍යසාර සහ නිෂ්පාදන ප්‍රචාරය කරන බවත්, එය පාලනය කිරීමට ස්වාධීන රාජ්‍යයන්ට හැකියාවක් නොමැති බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාව අවධාරණය කරමින්.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ලබන වසරේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප්‍රතිපත්තිය පිළිබදව සම්මන්ත්‍රණය සඳහා සහභාගි වන ලෙසට එහිදී ජනාධිපතිවරයා සියළු ජාත්‍යන්තර නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.