Gossips

බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට සූදානමින්

තමීම් ඉක්බාල් කණ්ඩායමට නැවත එක්වීම නිසා අද (18) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟයේදී ශ්‍රී ලංකාවට අභියෝගයක් එල්ල කිරීමට හැකිවනු ඇතැයි බංග්ලාදේශ නායක මහමුදුල්ලා විශ්වාසය පළ කළා.
කෙසේ නමුත් ඔහු කියා සිටියේ දිගු කලක් සිය පුහුණුකරු වූ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස එක්වීම කණ්ඩායමට අවාසිදායක වූ බවයි.
එමෙන්ම සිය කණ්ඩායමේ ක්‍රීඩකයන් සුපුරුදු දස්කම් දැක්වූයේ නම් එම අභියෝගය ජයගත හැකිව තිබූ බවත් ඔහු සඳහන් කළා.
විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 08 ක පරාජයකින් පසු ශ්‍රී ලංකාව පළමු විස්සයි විස්ස තරගය ජයග්‍රහණය කළ අතර, තරගාවලි ජයග්‍රහණයක් සඳහා අද විශ්වාසයකින් යුතුව පිටියට පිවිසෙනු ඇති.
අද තරගයේදී තවත් කඩුල්ලක් දවා ගතහොත් තිසර පෙරේරා සිය විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලූ සංඛ්‍යාව 50 දක්වා ඉහළ නැංවීමට සමත්වනු ඇති.
මෙතෙක් විස්සයි විස්ස ජාත්‍යන්තර කඩුලු 50 අභිබවා ඇති ශ්‍රී ලාංකික පන්දු යවන්නන් වන්නේ ලසිත් මාලිංග, නුවන් කුළසේකර සහ අජන්ත මෙන්ඩිස් පමණයි.