Gossips

ආසියානු කුසලානය 7 වන වරටත් ඉන්දියාවට

අවසන් මහා තරඟයේදී ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව හත්වන වරටත් ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා.
ඒ, ඩුබායි හි පැවති අවසන් තරඟයේදී තියුණු සටනකින් අනතුරුව බංග්ලාදේශය කඩුලු 03කින් පරදවමින්.
කිසිවෙකු නොදැවී ලකුණු 120ක් ලබා සිටි බංග්ලාදේශය ලකුණු 222කට දැවී ගිය අතර, ලින්ටන් ඩාස් එහිදී ලකුණු 121ක් රැස් කර ගැනීමට සමත් වුණා.
බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගළය එක්දින තරඟ 27 කින් පසු පළමු කඩුල්ලට ශතක සබඳතාවක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.
බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගළයක් ලකුණු සියයක සබඳතාවක් අවසන් වරට වාර්තා කළේ 2016 වසරේදීයි.
ලකුණු 223ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම සිය ඉනිමේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණේ කඩුලු 7ක් දැවී තිබියදීයි.
ඊයේ තරඟය සඳහා ක්‍රීඩා කළ බංග්ලාදේශ වේග පන්දු යවන්නන් සිව්දෙනාම පන්දුවාර 10 බැගින් යව තිබීම හේතුවෙන් ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරය යැවීමේ වගකීම මහම්දුල්ලාට පැවරුණා.
එහිදී අවසන් පන්දුවාරය සඳහා ලකුණු 06ක් ලබා ගැනීමට අවශ්‍යව තිබූ අතර එම අවස්ථාවේ කඩුල්ලේ රැඳී සිටි කෙදර් ජාදෙව් සහ කුල්දීප් යාදෙව් එම ඉලක්කය පහසුවෙන් ලඟා කරගනිමින් ඉන්දියාවට 07 වන වරටත් ආසියානු කුසලානයේ පහස විඳීමට මඟ සකකනු ලැබුවා.
අවසන් මහා තරඟයේදී ශතකයක් වාර්තා කළ ලින්ටන් ඩාස් තරඟාවලියේ වීරයා බවට පත්වූ අතර සමස්ථ තරඟාවලියේ දී පිත්තෙන් දස්කම් දැක්වූ ශිකර් ධාවන් තරඟාවලියේ වීරයා බවට පත්වුණා.
ඉන්දීය කණ්ඩායම සිය ජයග්‍රහණය වාර්තාකළ අයුරු පහතින්..