Breaking Politics Sri Lanka

වෙබ් මඩකරියන් නොහොත් වෙබ් කප්පම්කරුවන්ට පඩි ගෙවා නඩත්තු කරන්න මෛත්‍රීට පිස්සුද?

නුවන් නිරෝධ අල්විස් හෙවත් නයි නිරෝධ නම් නයි ඇරීමටම උපන් මඩකරියාට එසේත් නැතිනම් කප්පම්කරුවාට මරණ තර්ජන කොට පැහැර ගැනීමට තැත් කල බවට ඔහු විසින් ගෙන යන ප්‍රචාරයක් හා ඔහුගෙන් අනියම් වාසි ලබන තවත් වෙබ් ක්‍රියාකරුවන් පිරිසක් එය සමාජයේ මාතෘකාවක් කිරීමට උත්සහ දරමින් සිටීම මේ දිනවල වෙබ් හා සමාජ මාධ්‍ය හරහා දැකිය හැක.

නුවන් නිරෝධ අල්විස් හෙවත් නයි නිරෝද යනු පහත් ගති පැවතුම් ඇත්තෙකි. (කැස්බෑවේ ඉඩම ලබා ගැනීමට අයිතිකරුට කල දේ පිළිබඳව මෙන්ම ඔහුගේ තක්කඩි කම්ද ඉදිරියේදී අපි ඔබට සාක්ෂි සහිතව හෙලිකිරීමට බලාපොරොත්තු වෙමු) එමෙන්ම ඔහු පැහැදිලිවම වෙබ් කප්පම් කරුවෙකි. රුවන් ෆර්ඩිනැන්ඩස්, සඳරුවන් සේනාධීර වැනි කප්පම්කරුවන්ගේ අඩිපාරේ යමින් සමාජයේ ප්‍රසිද්ධ චරිත හා දේශපාලකයන් ඉලක්ක කර මඩ ගසා ඔවුන්ගෙන් මුදල් ගරා ගැනීම නයි නිරෝධගේ ප්‍රධාන ජාවාරමයි.

කෙසේ වෙතත් නයි නිරෝධ දන්නා වෙබ් කෙරුවාවක් නැත.. එම නිසා ඔහු විවිධ පුද්ගලයන්ගෙන් තම වැඩ කරගා ගනී. එයට ඔහු දක්ෂයෙකි. මෙයට උදව් දෙන ප්‍රධාන චරිතයක් වන්නෙ හසිත මානදූව නැමති පුද්ගලයාය. ඔහුගේ පියා අධිකරණ විනිශ්චයකාරවරයෙකුද වන අතර ශිරාල් ලක්තිලක යටතේ ජනාධිපති කාර්‍යාලයේ සේවය කරයි. තම පියාගේ හයිය අතට ගෙන ශිරාල් ලක්තිලකගේ ඇසටද වැලිගසා මඩ වෙබ් අඩවි පවත්වාගෙන යාම ඔහුගේ රාජකාරියයි. ඒ වෙනුවෙන් නයි නිරෝධ ලබා ගන්නා කප්පමෙන් කොටසක් ඔහුටද ලැබේ. ඔහුගේ සෙල්ලම්ද මේ වන විට හෙලිදරව් වෙමින් පවතී.

කරුණු කාරණා කෙසේ වුවද තිරිසනෙකුටද ඇති ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් අප පෙනී සිටින අතර නුවන් නිරෝධ වැන්නවුන් මිය යා යුත්තේ පනුවන් ගසා විඳවා තම පව් මෙලොවදීම ගෙවීමෙන් අනතුරුවය.

අවශේෂ කාරණා පසෙක ලා මෙහිදී ලියුම්කරුගේ අවධානය යොමුවන්නේ මේ හරහා කරලියට ආ තවත් සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධවය. එනම් ඔහු ජනාධිපති සිරිසේනගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් බවයි. මෙහිදී පුරවැසියන් ලෙස අපට මතුවන ප්‍රශ්න කිහිපයකි.

1. යහපාලනය වැනි සංකල්ප ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීට නයි නිරෝධ වැනි වෙබ් කප්පම්කරුවන් අවශ්‍ය වන්නේ ඇයි?

2. ඔහු ජනාධිපති කාර්යමණ්ඩලයේ කරනු ලබන රාජකාරිය කුමක්ද? ඒ සඳහා ඔහුට ගෙවනු ලබන ගෙවීම් මොනවාද ?

3. එම මුදල් රජයේ අරමුදලින් ගෙවීම යුක්ති සහගතද? එසේ යුක්ති සහගත නම් දේශපාලුවන් තෘප්තිමත් කිරීමට ගණිකාවන් රජයේ මුදලින් නඩත්තු කිරීමද යුක්ති සහගතය.

කෙසේ වෙතත් නයි නිරෝධ විසින් පසුගිය කාලය පුරාම ප්‍රසිද්ධ කල පරිදි ඔහු අපේ ඇඩ්වටයිසින් නම් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකි. එම ආයතනයද මේ වන විට බදු නොගෙවන, සේවා ලබාගත් ආයතන රැසකට පොලු තැබූ ආයතනයකි. එහි තිබූ හට්ටි මුට්ටි පවා විකුණා දැමීමට නයි නිරෝධ නම් කප්පම්කරුවා ක්‍රියාකොට ඇත.

එම ආයතනය ආරම්භ කිරීමට මූල්‍ය අනුග්‍රහය ලබාගෙන ඇත්තේ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ ඔහුගේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබා දුන් ව්‍යාපෘතියක් වෙනුවෙනි. ඒ වෙනුවෙන් ඔහු මූල්‍යමය වශයෙන් මෙන්ම ඇපල් ලැප්ටොප්, ඇපල් වර්ගයේ ෆෝන් ඇතුලු වටිනා උපකරණ රාශියක් ලබා දී ඇත. අපේ ඇඩ්වටයිසින් අභ්‍යන්තර ආරංචිමාර්ග වලට අනුව ඔහු මෙම උපකරණ වලින් බොහොමයක් විකුණා දමා ඇත.

හාස්‍යජනකම කාරණය වන්නේ රවී කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ ව්‍යාපෘතිය නයි නිරෝධ භාරගත් පසු රවී කරුණානායකට මුදල් අමාත්‍යධූරය මෙන්ම ඉන්පසු දැරූ විදේශ අමාත්‍යධූරයද අහිමි වී කම්භ හොරෙක් ලෙස හංවඩු ගැහී හිරේ විලංගුවේ වැටීමටද නියමිත වීමයි.

එමගින් නයි නිරෝධලාගේ ප්‍රචාරණය පිළිබඳව දල අදහසක් ලබා ගැනීම ඉදිරියේදී ඔහුට කප්පම් ගෙවීමට නියමිත සැමට අධ්‍යයනය කල හැකි හොඳම අවස්ථාවකි.

රවී කරුණානායකගෙන් කප්පම් ගන්නා අතරතුරම තිළිණ සුරංජිත් හඳුනාගන්නා නයි නිරෝධ සිරිසේනගේ පුරතිරූප ප්‍රවර්ධනයට යැයි පවසමින් මාසිකව මුදලක් ලබා ගනී. අපේ ඇඩ්වටයිසින් අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව එම මුදල ගෙවන්නේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ සේවකයන් ලෙස ඔහු ඇතුලු කණ්ඩායමකට පත්වීම් ලබා දීමෙනි.

මෙය ජනාධිපතිවරයෙක් විසින් ලබාදුන් ඉතාමත් නරක පූර්වාදර්ශයක් වන අතර පැහැදිලිවම රටේ මුදල් තම පුද්ගලිකත්වය පුම්බා ගැනීම වෙනුවෙන් වෙබ් කප්පම්කරුවන්ට පුදදීමකි. තම ප්‍රතිරූපය පුම්බා ගැනීමටත් වඩා අදාල දේශපාලකයන්ට අවශ්‍යවූයේ නයි නිරෝධගේ මඩ ප්‍රහාරවලින් වැලකීමටයි. ඒ සඳහා දුන් කප්පමක් ලෙස මෙම මුදල් හඳුනා ගැනීම විනා රවී කරුණානායකගේවත්, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේවත් ප්‍රතිරූපය ප්‍රවර්ධනයට ඔවුන් ගෙන් සිදුවූ කිසිදු මෙහෙවරක් නොමැති බව මොලය කලඳක් හෝ ඇති ඕනෑම ප්‍රාණියෙකුට තේරුම් ගැනීම අපහසු නැත.

මෙම කප්පම් දිගින් දිගටම ලබා ගැනීමට ඔහු විසින් පෙර සේවය කල රාජපක්ෂ කඳවුරට මඩ ගැසීම දිගින් දිගටම කරන ලදි. එමගින් තමන්ට හිමිවන කප්පම ගෙවීම් පැහැර හැරීමෙන් රවීට මෙන්ම මෛත්‍රීටද අත්වන ඉරණම පිළිබඳව ඔහු වරින් වර ඔවුන්ට මතක් කරන ලදි. එමෙන්ම තමන්ගේ පෙර ස්වාමියා වූ ධනසිරි අමරතුතුංග, විමල් වීරවංශ, කැලුම් ජයසුමන වැන්නවුන් පවා තමන් සමග උරණ නොවන්නේ තමන් සතුව ඔවුන්ගේ යම් යම් සැඟවිය යුතු තොරතුරු ඇති නිසා බව ඔහු තම සමීපතමයන්ට නිතර ඒත්තු ගන්වන ලද බව අපගේ ඔත්තුකරුවන් පවසයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, වෙබ් මාධ්‍ය ක්‍රියාකරුවන් සමග සමීප ඇසුරක් පවත්වන මොහු තම තක්කඩිකම් වලට ඔවුන්ව භාවිතා කරන්නේ ඉතා නින්දිත අයුරිනි. “මේක කරපන් නැත්තම් උඹේ අරක මම කියනව” වැනි තර්ජනද ඔහු මේ සඳහා භාවිත කරයි. ඒ අනුව ඉහත පැහැර ගැනීමේ උත්සහයක් පිළිබඳව ඔහු පවසන සිද්ධියටද ඔහු පුලුල් ප්‍රචාරයක් ලබාදෙන ලෙස ඔහුගේ හුජ්ජ කොලුවන්ට උපදෙස් දෙන බවයි. (එසේ අප හඳුන්වන්නේ ඔවුන් බයටම එය කරන නිසාය)

නමුත් හාස්‍යයට කරුණ නම් ඔහුගේ අපේ ඇඩ්වටයිසින් සේවකයන් වත් මෙයට ප්‍රචාරයක් ලබා දීමට කටයුතු නොකිරීමයි. ඒ බව නිරෝධගේ ළඟම හිතවතෙකු ලෙස සලකන හේන්කාරයකුගෙන් සමීපතමයෙකු විමසූ විට පවසා ඇත්තේ, පිස්සුද යකෝ, බොරු ගහලා අපි ඉල්ලන් කන්නේ මොකටද ඌ ඕනේ ගේමක් ගහපුදෙන් යනුවෙනි.

වරක් නාමල් රාජපක්ෂ පයින් ගැසූ බව පවසා නාට්‍යයක් රඟපා තැනක් හදාගත් නයි නිරෝධ මෙම රඟන්නේ එහි දෙවන කොටස බව සක්සුදක් සේ පැහැදිලිය. මෙවර මේ තක්කඩියාගේ උගුලට හසුවන්නේ කව්දැයි අපි බලා සිටිමු.