Gossips

කළුගගට මුහුදු ජලය මුසුවීමේ අවදානමක්

කළුතර කැලිඩෝ වෙරළ තීරය සමීපයේ ඉදිකරණ ලද ගල්වැටියට ඉහළින් රළ නැඟීමත් සමඟ කළුගගට මුහුදු ජලය මුසුවීමේ අවදානමක් මතුව ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ කළු ගංමෝය පළල් කරමින් සිදුකළ අවිධිමත් ගල් වැටි යෙදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
මේ අතර කොග්ගල බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ගාල්ල – මාතර ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරකරමින් ධීවරයින් පිරිසක් අද විරෝධතාවයක නිරතවුණා.
ඒ ධීවර නැංගුරම්පොළක් ලබාදෙන ලෙස ඉල්ලමින්.


ඡායාරූප – හබරාදූව නිමල් අල්ගෙවත්ත