Gossips

වියළි කාලගුණය මාර්තු මස අග දක්වා

මාර්තු මාසයේ අවසාන භාගය දක්වා වියළි කාලගුණයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මේ බව සඳහන් කළා.
මේ අතර වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම පහළ බැසීමක් සිදුවුවද විදුලිය සැපයීමේ බාධාවක් නොමැති බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන ප්‍රකාශ කළේ ඒ සඳහා විශේෂ වැඩපිලිවෙලක් සකස් කර ඇති බවයි.
කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ ඉදිරි මාස කිහිපය තුළ විදුලි කප්පාදුවක අවදානමක් පවතින බවයි.
එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මහජන උපයෝගීතා කොමිසමේ ඇතැම් තීරණ හේතුවෙන් මෙම අවදානම උද්ගතව ඇති බවයි.