Gossips

කෝටි 4 කට ආසන්න මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් තුන් කෝටි අනු එක්ලක්ෂයකට අධික මුදලක් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු මිරිහාන දිසා දූෂණ මර්දන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම කාන්තාවන් දෙදෙනා අදාළ මුදල වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.
ඔවුන් දෙහිවල – අත්තිඩිය සහ බොරලැස්ගමුව – බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචිකරුවන්.
අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.