Gossips

වඩදිය නිසා මුහුදු රළ පාරට එයි

වඩදිය තත්වයක් හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරණ සිට තොටගමුව දක්වා මුහුදු රළ මහා මාර්ගයට පැමිණි සිදුවීමක් වාර්තා වනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ ඊයේ රාත්‍රී මෙම තත්වය හටගෙන තිබු බවයි.
වඩදිය සමග පැමිණි වැලි හේතුවෙන් ගාල්ල කොළඹ මාර්ගයේ කහව සහ අකුරල අතර රථ වාහන ගමනාගමනයට බාධා මතුව තිබෙනවා.
මේ වන විට ද වඩදිය තත්වය පවතින අතර මාර්ගයට පැමිණ ඇති වැලි ඉවත් කිරීමේ කටයුතු සිදුවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.