Gossips

ගෝඨාභය ඇතුළු 8 දෙනාට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අද යළි දීර්ඝ කෙරුණා.
ඒ, ඊට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුණ ඔබේසේකර හමුවේ කැදවූ අවස්ථාවේදියි.
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබෙනවා.
මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළ අතර, එය සළකා බලමිනුයි අභියාචනාධිකරණ ජුලි මස 4 වන දා මුල්වරට එම නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ.