Gossips

කාසියේ වාසිය දිනු ඉන්දියාව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ඇරයුම් කරයි

ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි රාජ්‍යයේදී අද පැවැත්වෙනවා.
ඒ ඉන්දියාව සහ බංග්ලාදේශ අතරයි.
කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදී තිබෙනවා.
අද තරගයේදී බංග්ලාදේශ කණ්ඩායමට ශකීබ් අල් හසන් ඇතුලත් වී නැහැ.
ලීටන් ඩාස්, සෞම්ය ශර්කාර්, මොහොමඩ් මිතුන්, මුශ්ෆිකර් රහීම්, ඉම්රුල් කයිස්, මහමුදුල්ලා, මෙහෙදි හසන්, මශ්රෆි මොටාසා, නස්මුල් ඉස්ලාම්, රුබල් හුසේන් සහ මුස්ටෆිසුර් රහ්මන් අද බංග්ලාදේශ කණ්ඩායම නියෝජනය කරනවා.
අවසන් මහා තරගයේදී ඉන්දීය කණ්ඩායමට රෝහිත් ශර්මා, ශිකර් ධවාන්, අම්බති රයිදු, දිනේෂ් කාර්තික්, මහේන්ද්‍ර සිං ධෝනි, කේදර් ජාදෙව්, රවින්ද්‍ර ජඩේජා, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදෙව්, සුස්වේන්ද්‍ර චහාල් සහ ජස්ප්‍රිට් බුම්රා ඇතුලත්ව සිටිනවා.