Gossips

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

වේයන්ගොඩ – කීනවල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පස්වරුවේ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.
පාලක මැදිරිය සඳහන් කළේ එහි මගීන් නොසන්සුන්තාවයට පත් වී, අනෙක් මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට ද බාධා එල්ල කර ඇති බවයි.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.