Gossips

සිරිපා වන්දනාවේ පැමිණි තරුණයන් 27 දෙනෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හැටන් පොලීසිය ඊයේ (17) සිදුකළ වැටලීමකදියි.
මොවුන් හැටන් මාර්ගය ඔස්සේ සිරිපා කරුණා කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් මත්කුඩු සහ කේරළ ගංජා ළඟ තබාගැනීමේ චෝදනාව මතයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, කළුතර, පානදුර, දෙහිවල සහ පිළියන්දල ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර පූජාපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක වතුර මෝටරයක් සොරාගත් පුද්ගලයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පාසල් සිසුන් දෙදෙනෙකුද වන බවයි වාර්තාවන්නේ.
අදාළ සැකකරුවන් පෙරේදා රාත්‍රියේ මෙම වතුර මෝටරය සොරාගෙන රැගෙන යමින් සිටියදී පොලිස් මුර සංචාරයේ නිරත නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් අනුවයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අනතුරුව අදාළ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේ නමක් පොලීසියට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා.
සොරාගත් වතුර මෝටරයේ වටිනාකම රුපියල් 35,000 ක් පමණ වන අතර, සැකකරුවන් අද (18) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.