Gossips

ජිනීවා මානව හිමිකම් සමුළුවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව නාලක ගොඩහේවා කියයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ල වන චෝදනාවලට, ලබන වසරේ පැවැත්වීමට නියමිත 40 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුවේදි ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කර ඊට සහය ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ජිනිවා හි පැවති 39 වැනි මානව හිමිකම් සැසිවාරයට සහභාගි වී අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන්, දිවයිනට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සදහා ලක් රජය නියෝජනය කරමින් මෙරට සිට කණ්ඩායමක් ඉදිරිපත් නොකෙරෙනු අතර, ඒ සඳහා සහභාගි වූයේ ජිනිවා නුවර ජගත් සංවිධාන කාර්යාලයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමයි.