Gossips

ට්‍රම්ප්, එෆ්.බී.අයි. ඔත්තු සේවාවට දොස් නගයි

එෆ්.බී.අයි. ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවාව තමන්ට නියමිත මූලික කරුණු මගහැර තමාගේ තේරී පත් වීමට රුසියාව සම්බන්ධදැයි සොයමින් සිටින බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාග් ප්‍රහාරයක් එලල්ල කළා.
ඔහු කියා සිටියේ තම ප්‍රචාරක ව්‍යාපාරය සහ රුසියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.
එෆ්.බී.අයි. ඔත්තු සේවාවේ විශේෂ පරීක්ෂක රොබට් මුලර් පසුගියදා ප්‍රකාශ කළේ ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් සිදුකළ බවට රුසියානුවන් 13 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කරන බවයි.
17 දෙනෙකු මරුමුවට පත් කරමින් පසුගියදා ඇමරිකාවේ පාසලක සිදුවූ වෙඩි තැබීම වැළැක්වීමට එෆ්.බී.අයි. සේවාවට හැකියාවක් තිබූ බව දැන් ඔවුන් විසින්ම පිළිගෙන තිබෙනවා.
ජනපති ට්‍රම්ප් ඔවුන් දෝෂ දර්ශනයට ලක් කර ඇත්තේ එම සිද්ධිය සිහිපත් කරමින්.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා රුසියාව බලපෑම් සිදුකළ බවට එල්ලවන චෝදනා හුදෙක් සාක්ෂි නොමැති මනංකල්පිත නිර්මාණයක් බවට රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොෆ් චෝදනා කළා.