රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමඟ බැඳී පවතින නීති රෙගුලාසි සංශෝධනය කළ යුතු බව පොදුජන තරුණ පෙරමුණ පවසනවා.
කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මේ බව ප්‍රකාශ කළා.
එමෙන්ම, ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවයි ඔහු කියා සිටියේ.