Gossips

ආසියානු කුසලාන අවසන් මහා සටන අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර අවසන් මහා තරඟය ඩුබායි හිදී අද පැවැත්වෙනවා.
ඉන්දියාව මීට පෙර හය වතාවක් ආසියානු කුසලාන ජයග්‍රහණය කර ඇති අතර, බංග්ලාදේශය 2012 සහ 2016 වසරවලදී අනුශූරයන් බවට පත්වුණා.
මෙවර තරඟාවලියේදී ඇෆ්ගනිස්ථානය සමඟ ලකුණු සමවූ තරඟය හැර ඉතිරි තරඟ සියල්ලම ජයගැනීමට ඉන්දියාව සමත් වූ අතර, මූලික වටයේදී ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව වෙතින් පරාජය ලැබූ බංග්ලාදේශය සුපිරි කණ්ඩායම් 4 වටයේදී පාකිස්ථානය ද පරාජය කිරීමට සමත් වුණා.
රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් ඉන්දීය පිලට ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඇතුළත් වන අතර, බංග්ලාදේශ පන්දු යවන්නන්ගේ දස්කම් ඔවුන් මෙල්ල කිරීමට ප්‍රධාන අවියක් වනු ඇති.
කෙසේ නමුත්, ක්‍රීඩා විචාරකයන්ගේ අදහස වී ඇත්තේ ඉන්දියාව බොහෝදුරට අද සිය 7 වන ආසියානු කුසලාන ජයග්‍රහණය කරනු ඇති බවයි.