Gossips

ත්‍රස්ත චෝදනා මත ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ශිෂ්‍යයාට ඇප

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු නායකයන් ඝාතනය කිරීම සඳහා ත්‍රස්තවාදී කුමන්ත්‍රණයක නිරත වූ බවට චෝදනා ලැබ අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක මොහොමඩ් කේමර් නිසාම්ඩීන් ට ඇප ලබාදී තිබෙනවා.
ඒ ඔහු කුමන්ත්‍රණයේ සැලසුම් සටහන් කළ බව කියන සටහන් පොතේ අත් අකුරු ඔහුගේ අත් අකුරු සමඟ නොගැලපීම හේතුවෙන්.
එමෙන්ම, පොලිස් භාරයට ගනු ලැබූ නිසාම්ඞීන්ගේ පරිගණකයේ, ජංගම දුරකථනයේ හෝ අනෙකුත් ලිපි ද්‍රව්‍ය වල කිසිදු අන්තවාදී කරුණු අඩංගු නොවූ බවයි හෙළිදරව් වී ඇත්තේ.
සති 4 ක් තිස්සේ අත්අඩංගුවේ පසුවූ නිසාම්ඞීන්ට ව්‍යාජ චෝදනා ගොනුකර ඇති බවට ඕස්ට්‍රේලියාවේ, ශ්‍රී ලාංකිකයන් පසුගියදා විරෝධතාවක ද නිරත වුණා.