Gossips

හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු අල්ලයි

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුකළ වැටලීම් වලදී හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කඩවත – ගෝනහේන ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී කාන්තාවක් ඇතුළු තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදීයි.
ඊට අමතරව, බොරැල්ල, ගල්කිස්ස, මට්ටක්කුලිය, මොරටුව සහ මරදාන ප්‍රදේශවලදී ද හෙරොයින් ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.