Gossips

ගුවන් යානයක් ජලයට ගොඩබායි. මගීන්ට අනතුරක් නැහැ

පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියා දිවයිනේ සිට පැපුවා නිව්ගිනියාව බලා ගමන් ගත් මගී ගුවන් යානයක් හදිසි දෝෂයකට ලක්ව ධාවන පථයට ඔබ්බෙන් වු මුහුදු කලපුවකට ගොඩබා තිබෙනවා.
එහෙත්, එහි ගමන් ගත් මගීන් 35 දෙනාට සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනාට බරපතල හානියක් සිදුව නැහැ.
කෙසේ නමුත්, පැපුවා නිව්ගිනියා – එයාර් නිව්ගිනි ගුවන් සේවයට අයත්, බෝයිං 737 – 800 යානයේ ගමන්ගත් මගීන් සියලූදෙනා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකර ඇති බව සඳහන්.
මෙම ගුවන් යානය අද උදෑසන මෙලෙස හදිසි කාර්මික දෝෂයකට ලක්වීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ වී තිබෙනවා.
rn