අනුරාධපුර – මැදවච්චිය – සියඹලාගස්වැව ප්රදේශයේදී වන අලි ප්රහාරයකට ලක්වූ පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ ඊයේ රාත්රියේ මෙම පුද්ගලයා නිවසේ සිට සිය වගා බිම වෙත ගමන් කරමින් සිටියදී මෙලෙස වනඅලි ප්රහාරයට ලක්ව ඇති බවයි.
ඉන් බරපතල තුවාල ලැබූ පුද්ගලයා රඹෑව රෝහල වෙත රැගෙන යමින් සිටින අතරතුරයි මියගොස් ඇත්තේ.
ඔහු 78 හැවිරිදි එම ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.