Gossips

පාර්ලිමේන්තු හදිසි රැස්වීමක්, කැඳවීමේ ඉල්ලීම අගමැති වෙත

පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන කළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයාගේ අවධානය සඳහා යොමු කෙරෙන බව කතානායක කාර්යාලය පවසනවා.
ජාතික ආරක්ෂාව මෙන්ම රටේ ආර්ථික තත්වය පිළිබඳව සඳහන් කරමින් පෙරේදා දිනයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අදාළ ඉල්ලීම සිදුකර තිබූ අතර, ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවීමේ බලය අග්‍රාමාත්‍යවරයාට පැවරී ඇති බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ.
එබැවින් අදාළ ඉල්ලීම අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කිරීම වඩාත් යෝග්‍ය බව එමගින් නිකුත් කළ නිවේදනයේ සහන්.