Gossips

නාමල් කුමාරගෙන් තවත් හෙළිදරව්වක්

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ කරුණු හෙළි කළ නාමල් කුමාර අද තවත් හෙළිදරව්වක් සිදු කළා.
ඒ, නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා දැනුවත්ව ත්‍රස්ත්‍රවාදී ක්‍රියා රැසක් ක්‍රියාත්මක කිරීමට ප්‍රංශයේ සිටින පුද්ගලයකුගෙන් මුදල් ආධාර ලැබුණු බවටයි.
ඔහු මේ බව අනාවරණ කළේ අලව්ව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.
ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්තුණයක් පිළිබඳ දුරකථන සංවාද කිහිපයක් අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ දිනයේදීත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දුන්නා.
ඔහු එහිදී නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමඟ පැවැත්වූ තවක් දුරකථන සංවාද සහිත සී.ඩී තැටියක් ලබාදුන්නා.
එම සි.ඩී තැටියේ ඇතුලත් කරුණු පිළිබඳ දැනුවත් කිරීම සඳහා නාමල් කුමාර මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කලකට පෙර ඔහුට කළ තර්ජනයකට අදාළ හඬ පටයක්ද මාධ්‍යට නිකුත් කළා.
නැගෙනහිර පළාතේ මුස්ලිම් සහ දෙමළ ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ප්‍රංශයේ සිටින ඩයස්පෝරාවට හිතවත් පුද්ගලයකුගෙන් ලැබුණු මුදල් වලට අදාළ චෙක්පත් කිහිපයක් සහ රිසිට් පත් කිහිපයක්ද ඔහු මෙහිදී මාධ්‍යට ලබා දුන්නා.
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සමඟ සිදු කළ තවත් දුරකථන සංවාදයක්ද එහිදී ඔහු ඉදිරිපත් කළා.
මේ අතර විහාරස්ථානයක පැවැත්වෙන උත්සවයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාරපක්ෂ හෝ හිටපු ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජකක්ෂ යන මහත්වරුන් අතරින් අයෙකු ගෙන්වා ගැනීමට දැරූ උත්සාහය සම්බන්ධයෙන් ද නාමල් කුමාර මහතා මෙහිදී අද අදහස් පළ කළා.