Gossips

දීපා සොයා ETI තැන්පත්කරුවන් කොළඹ පුරහල වටලයි

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂිකාවක් වන දීපා එදිරිසිංහට විරෝධය පළ කරමින් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් අද කොළඹ මහනගර සභාව වටලා විරෝධතාවයක නිරත වුණා.
විරෝධතාකරුවන් නගර සභා පරිශ්‍රයට ඇතුලූ වීමට උත්සාහ කිරීමත් සමග ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
කොළඹ – වෝඩ් පෙදෙසෙහි පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය අසල සිට විරෝධතාකරුවන් පාගමනින් කොළඹ මහනගර සභාව වෙත පැමිණියා.
එහිදී ඔවුන් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂිකා දීපා එදිරිසිංහට විරෝධය පළ කරනු ලැබුවේ ඇය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස දිළිදුකම පිටුදැකීමේ කමිටුවේ ද සාමාජිකාවක් ලෙස කටයුතු කරමින් ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ බිලියන ගණනාවක මුදල් වංචා කර ඇති බව පවසමින්.
එහිදී ඊ.ටී.අයි.තැන්පත්කරුවන් මහ නගර සභාව තුළට පිවිසීමට උත්සාහ කිරීමේදී ඔවුන් සහ නාගරික මන්ත්‍රීවරුන් අතර, උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
මෙහිදී ඇතැම් මන්ත්‍රීවරුන් විරෝධතාකරුවන්ට පරුෂ වචනයෙන් බැණ වැදුනු බවයි අප වාර්තාකරු කියා සිටියේ.
ඇති වූ තත්ත්වය පාලනය කිරීම සදහා කුරුදුවත්ත පොලීසියේ නිලධාරින් කණ්ඩායම ද එම ස්ථානයට කැදවනු ලැබුවා.
කෙසේ වෙතත්, කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ. අනුර විරෝධතාකරුවන් සමග සාකච්ඡාවක ද නිරත වීමෙන් පසු ඊ.ටී.අයි. තැන්පත්කරුවන් එම ස්ථානයෙන් පිටව ගියා.